ඔවුන්ට සිය කාමරයේ ජනේලය පැහැදිලිව පෙනිණි. ලාම්පු එළිය විහිදී පහල බිම ආලෝක කවයක් මැවී තිබිණි. එක්වරම එම කවය මත මිනිසකුගේ රුවක් දක්නට ලැබිණි. ඔහු එහි නතරව උඩ බලාගෙන සිටියේය.
“ඔහු අපි ගැන ඔත්තු බලනවා….”
තමා පැහැදිලිව පෙනෙන බව වටහා ගත් බැවින්දෝ ආගන්තුකයා සෙමෙන් පසුපසට වී ළඟම තිබූ ගසක සෙවණැල්ලට මුවා විය. ඩානා සොයුරියන්ට විසදීමට සිදුවන ඉපැරණි පහන හා සම්බන්ධ අබිරහස කුමක්ද ?

ආලන්දර - Alandara 



Reviews
There are no reviews yet.